Kmax Kmax Author
Title: එදා බාමියන් හෙට ගල් විහාරයද?
Author: Kmax
Rating 5 of 5 Des:
එදා බාමියන් හෙට ගල් විහාරයද? ඇෆ්ගනිස්ථානයේ බාමියන් පන්සල ධර්මාශෝක රජු තුන්වන ධර්ම සංගායනාවෙන් පසු බුදුදහම පැතිරවීම සඳහා පෙරදිග රටවලට පමණක...
එදා බාමියන් හෙට ගල් විහාරයද?
ඇෆ්ගනිස්ථානයේ බාමියන් පන්සල
ධර්මාශෝක රජු තුන්වන ධර්ම සංගායනාවෙන් පසු බුදුදහම පැතිරවීම සඳහා පෙරදිග රටවලට පමණක් නොව අපරදිග රටවලට ද ධර්මදූත කණ්ඩායම් යැව්වේය. ඒ අනුව ඇලෙක්සැන්ඩ්‍රියාව, බැක්ට්‍රියාව, ග්‍රීසිය ආදී රටවල බුදුදහම පැතිරුණි.
පසුකලෙක මෙම රටවල දේශ සීමාවන් මෙන්ම නාමයන් ද වෙනස් වුණි. අතීතයේ මැදපෙරදිග රටවල බෞද්ධ ස්තූප සහ ප්‍රතිමා රැසක් ඉදිකර තිබුණි. ඒ රටවල ස්ථූප හැඳින්වුනේ “ථේපේ” යනුවෙනි. මිලින්ද ප්‍රශ්නය පොතේ සඳහන් මිලින්ද හෙවත් මිරැන්ඩර් රජු කාබුල් නිම්නයේ අලසන්දාවේ උපන් ග්‍රීක ජාතිකයෙකි. ඔහු බුදුදහම පිළිබඳව හසළ දැනුමක් ඇත්තෙකි. අතීතයේ බටහිර රටවල බොහෝ බෞද්ධයෝ සිටියහ.
ග්‍රීක සම්භවයක් ඇති කණිෂ්ක රජු බුද්ධාගම ප්‍රචලිත කළ කෙනෙකි. ඔහු සිව්වන ධර්ම සංගායනාවට අනුග්‍රහ දැක්වූයේ ය. ප්‍රථමවරට බුද්ධ ප්‍රතිමා නෙළීමේ ගෞරවය ද හිමිවන්නේ කණිෂ්ක රජුට යි. ඔහුගේ කාසිවල ද එක පැත්තක බුදුරුව සටහන් කර ඇත. කණිෂ්ක රජුගේ රාජධානියට වර්තමාන ඇෆ්ගනිස්ථානය ඇතුළත් ය. බුද්ධ කාලයේ පටන් ප්‍රකට වු ගාන්ධාර දේශය තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේය. වර්තමානයේ එය හැඳින්වෙන්නේ කන්දහාර් නාමයෙනි. එය තිබෙන්නේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 250ක් පමණ ඔබ්බෙනි. කන්දහාර් වඩාත් ප්‍රසිද්ධව තිබෙන්නේ එහි බාමියන් භූමි නිම්නයේ පිහිටි බෞද්ධ ආරාම සංකීර්ණය නිස යි. විශාල බුදුපිළිම දෙකක් මෑතක් වනතුරු එහි තිබුණි. ඒ අතරින් වඩා පැරණි ක්‍රි.වර්ෂ 507 දී නෙළන ලද අඩි 121 ක් උසැති කුඩා පිළිමය යි. කිතුවසින් 554 දී නිම වු ලොකු බුදුපිළිමය අඩි 175 පමණ උස් වූවකි.
බාමියන් කඳුවැටියේ පිහිටි වැලි මුසු කබොක් ගල ක්‍රමවත්ව ඇතුළට හෑරීමෙන් විශාල බුදුරුව ඉස්මතු කරගෙන ඇත. බුදුපිළිම සිවුරේ රැළි මැටි බදාමෙන් සකසා ඇත. ඇතැම් විට බුදුපිළිමයේ මුහුණ දැවයෙන් සාදන්නට ඇතැ යි අනුමාන කරන්නේ දැව රැඳවීමට තැනූ සිදුරු පේලිය නිසයි. ලොකු බුදුපිළිමය තඹ පැහැයට හුරු රතුපාටින් යුක්ත ය. කුඩා බුදුපිළිමය විවිධ වර්ණවලින් අලංකාර කෙරුණකි. ඉන්දු හා ග්‍රීක කලාකරුවන් එක්ව මේ බුදුපිළිම නිමවා ඇති බව එම පිළිම කලාව විමසා බැලුව පුරාවිද්‍යාඥයන්ගේ අදහස යි. ක්‍රිස්තු වර්ෂ 630 දී පමණ බාමියන් පන්සලට වැඩිය චීනයේ හියුංසාන් හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන අන්දමට බාමියන් යනු හීනයාන සම්ප්‍රදායට අයත් භික්ෂූන් දහස් නමක් වැඩ හුන් ආරාම දහයකින් යුත් පුදබිමකි. ඒ පිළිබඳව උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ වාර්තා කරති.
“අගනුවරින් ඊසාන දෙස පර්වත පාර්ශ්වයෙහි අඩි 150 ක් උසැති ශෛල බුද්ධ ප්‍රතිමාවක් තිබේ. රන්පැහැයෙන් බබළන එහි ඔබා තිබෙන නානා රත්නයන්ගේ ප්‍රභාව බලන්නන්ගේ ඇස් වෙහෙසට පත්කරයි. මේ ගල්පිළිමය පිහිටි තැනට පෙරදිගින් පෙර රජකු කරවූ සංඝාරාමයක් වේ. එයට නැඟෙනහිර දෙස අඩි 100 ක් පමණ උසැති පිත්තලෙන් තැනූ වැඩසිටින මහා ප්‍රතිමාවක් ඇත්තේය. එය කොටස් වශයෙන් වාත්තු කොට පිහිටුවන ලද්දකි. නගරයෙන් ලී දොළහක් (අඩි 880ක් ලී එකකි) පමණ දුර සංඝාරාමයක අඩි දාහක් පමණ දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වේ.”
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් දේශයේ පිිහිටි බාමියන් බෞද්ධ සිද්ධස්ථානය ගැන මුලින්ම අවධානය යොමු කළේ ප්‍රංශ පුරා විද්‍යාඥයන් පිරිසකි. 1928 සිට 1933 දක්වා ප්‍රංශ පුරාවිද්‍යාඥයෝ බාමියන් බොදු පුදබිමේ ගවේෂණ කටයුතුවල නිරත වූහ. 1973 වසරේ සිට 1979 දක්වා එහි ගවේෂණයේ යෙදුණේ කාබුල් පළාතේ උපන් මහාචාර්ය ෂෙමරලායි ටාසි නමැති පුරාවිද්‍යාඥයා යි. ඔහුගේ විශේෂ අවධානය යොමු වුණේ හියුංසාං හිමියන්ගේ වාර්තාවේ සඳහන් සැතපෙන ඉරියව්වෙන් තැනූ අඩි දහසක් දිගැති සුවිසල් බුදුපිළිමය සොයා ගැනීමට යි.
2003 දී ඔහුට බුදුරුවක සිරසක් හමුවිය. ටාසි වඩාත් දිරිමත් වුණේ 2008 සැප්තැම්බර් මස බාමියන් භූමියෙන් අඩි 62 ක් පමණ දිගැති බුදුපිළිමයක නටබුන් හමුවීමෙනි. කැනීමෙන් හමු වී තිබෙන්නේ බුදුපිළිමයේ කොටස් පමණි.එහි සිරස වනසා ඇත. පාද කොටස් ඉතිරිව ඇත. එම විනාශය සිදුවන්නට ඇත්තේ නවවන සියවසේ මුස්ලිම් ආක්‍රමණයෙනි. පුරාවස්තු සොරුන්ගෙන් බුදුරුව බේරාගැනීම සඳහා එම බිම් පෙදෙස මේ වනවිට වසා දමා ඇත. ෂෙමරලායි ටාෂි මානව ශිෂ්ටාචාරය ඉස්මතු කරගැනීම සඳහා සිදුකළ සේවය අගයමින් ඔහු විශ්ව විද්වතුන්ගේ ගණයට ඇතුළත් කෙරුණි. ඒ පිළිබඳ ගෞරව නාමය ප්‍රංශ රජය වෙනුවෙන් 2006 වසරේ දී ඔහුට පිරිනැමුවේ ශ්‍රී ලංකාවේ සිටි ජින් බර්නාඩ් ප්‍රංශ තානාපතිවරයා යි.
යුනෙස්කෝව විසින් 2003 වසරේ දී බාමියන් පුදබිම ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලදී. බාමියන් නිම්නයෙන් භික්ෂූන් වැඩ සිටි ගල්ලෙන් කුටි පනහක් පමණ සොයා ගෙන ඇත. එයින් ලෙන් දොළහක රේඛා චිත්‍ර හා බිතු සිතුවම් දක්නට ඇත. බාමියන් ගුහාවලින් සිතුවම් සොයා ගැනීම නිසා චිත්‍ර කලා ඉතිහාසයට නව ආලෝකයක් උදාවුණි. බුදුරුව සහිත බාමියන් ලෙන් සිතුවම් ලෝකයේ දැනට සොයාගෙන ඇති පැරණිම තෙල් සායම් චිත්‍ර වශයෙන් සැලකෙයි. රතුපස් කුඩු, දුම්මල, මිනිරන් වැනි ද්‍රව්‍ය බිත්තර සාරයෙන් අඹරා ;ගඩි වර්ගවල සහ පොපි ඇටවල තෙල් මිශ්‍ර කිරීමෙන් සායම් සාදා ගෙන ඇති බව පරීක්ෂණවලින් සොයා ගෙනඇත. පින්සල් කෙඳි ද සිතුවම්වල රැඳී තිබේ. එම සිතුවම් ඇඳ තිබෙන්නේ කිතුවසින් පස්වන හා අටවන සියවස අතරතුර කාලයේ දී චීනයේ සිට යුරෝපයට හා භාරතයට සේද මාවතේ ගමන් කළ බෞද්ධ ජනතාව යි.
ඇෆ්ගනිස්තානයේ බාමියන් විහාර සංකීර්ණය විනාශ වුණේ නවවන සියවසේ දී පමණ සිදුවුණ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙනි. ඒ අතර බෞද්ධයන්ගේ හදවත් සසල කරවන ඛේදවාචකයක් 2001 මාර්තු මාසයේ දී සිදුවුණි. එනම් තලේබාන් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම ලෝකයේ අඩි 175ක් පමණ වූ විශාලතම බුදුපිළිමය ඩයිනමයිට් දමා පුපුරුවා හැරීමේ සිද්ධිය යි. බුදුපිළිමය වැනසීමෙන් පසු ගවයන් සීයක් මරා ඔවුන්ගේ මස් ප්‍රදේශවාසීන්ට බෙදා දී ඇත. එය අවිහිංසාවාදී බුදුරදුන් මුල්කරගෙන සිදුකෙරුණ මහා පාප කර්මයකි. බෞද්ධයන් එයින් වේදනාවට පත්වුණේ ආගම් උම්මත්තකයන් පිරිසක් බුදුරදුන්ට සිදුකළ අවමානය ඉවසා දරාගත නොහැකිව ය. ලෝකයේ බෞද්ධ නොවන බොහෝ දෙනා ඒ ගැන කම්පාවට පත්වුණේ මානව වර්ගයාගේ විශ්මය ජනක නිර්මාණයක් ලොවට අහිමි කිරීම කුරිරු ක්‍රියාවක් වු බැවිනි. බාමියන් විහාරයේ තිබුණ අඩි 121ක් උසැති කුඩා බුදුරුව කල්ඇතිව ම අප්‍රසිද්ධියේ වනසා ඇත.
බාමියන් බුද්ධ ප්‍රතිමා ප්‍රතිනිර්මාණය සඳහා යුනෙස්කෝ සංවිධානය සැලසුම් කළේය. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් බාමියන් භූමියේ ඡායාරූප, විවිධ මාන යටතේ ගන්නා ලද අතර බුදුපිළිමයේ පැරැණි ඡායාරූප, පිළිමය තිබුණ ස්ථානය යනාදී සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු නිවැරැදි පරිමාවන්ට අනුව බාමියන් පිළිමය නැවත ඉදිකිරීමට යුනෙස්කෝව තීරණය කළේය. ඒ අනුව කම්බි දැල්වලින් බුදුපිළිමයේ සැකිල්ල තනා ටෙනිස් බෝල ප්‍රමාණයේ පස් ගුලි ටොන් ගණනක් කපරාරුව ලෙස පිළිමය මත ඇතිරීම සිදුවනු ඇත. එහෙත් බාමියන් ප්‍රදේශයේ පවතින මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය එම ඉදිකිරීමට බාධාවකි.
බාමියන් බුදුපිළිම නැවත ඉදිකළහොත් ලෝවැසි බෞද්ධයන්ට එය ඉමහත් සතුටකි. නමුත් ඇෆ්ගනිස්ථානයේ මිනිසුන්ගේ සිත් සතන් තුළ තුනුරුවන කෙරෙහි සැදැහැවත් බවක් නොමැති නිසා කලින් තිබුණ බුදුපිළිමවලට අත්වුණ ඉරණම නැවත ඉදිකෙරෙන බුදුපිළි මයට ද අත්වන්නට පුළුවන.
එදා බාමියන් බුද්ධ ප්‍රතිමාව පිපිරවීමට සහභාගි වූ මිර්සා හුසේන් අද ඒ ගැන දුක් වෙයි.. ඔහු බාමියන් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ හවුල් කරුවෙකු වී ඇත.. එදා ජීවිතය වෙනුවෙන් තලෙයිබාන්වරුන්ගෙ අණට කීකරු වන්නට ඔවුන්ට සිදු විය.. තලෙයිබාන් වරු නැටූහ..උඩ පැන්නෝය.. මහා ලොකු වීරකමක් කලා සේ ජයඝෝශා නැගූහ.. නමුත් ඉන් පසු සමයේ,එනම් 2001න් පසුව ඇෆ්ගනිස්තානයට සිදු වූ දේ ඔබට පුන පුනා කීමට අවැසි නැත..
බාමියන් ලෝක උරුමය බෞද්ධයන්ගෙ පමණක් නොව ලොව පුරා සංචාරක ආකර්ශනය දිනාගත් වටිනා නිර්මාණයකි.. බාමියන් බුද්ධ ප්‍රතිමව නැවත ප්‍රතිනිර්මාණය ඉතා අපහසු කාර්‍යයකි.. කීප වරක් ලේසර් කිරණ සහ 3D තාක්ෂණය මඟින් තාවකාලිකව බාබියන් ප්‍රතිමාව ස්ථාපනය කිරීමට කීප දෙනෙක්ම ප්‍රතිපාදන දුණි..
එදා බාමියන් බුද්ධ ප්‍රතිමාවට වුනු දේ අනාගතයේදි මෙරට ගල් විහාරයටද විය හැකිය.. බාමියන් ප්‍රතිමාව එකළ ඇෆ්ගනිස්තානය බෞද්ධ රටක් බවට සාක්ශි දරයි.. අද ඔවුන් තර්ක කරන්නෙ මුස්ලිම් රටකට මෙච්චර ලොකු බුදු පිළිම මොකටද යන්නයි.. පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන මුස්ලිම්වරුන්ගෙ ආගමික ප්‍රතිපත්ති රැක ගැනීම සඳහා බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කළ බව තලේබාන්වරු එකල පවසා ඇත..
බහුතරය ඔවුන් වූ තැන අන්‍ය ආගම වලට අත්වන ඉරණම එයයි..
සුළුතරය ඔවුන් නියෝජනය කරන තාක් කල් සහජීවනය ආදි වචන වලින් ජාමේ රැක ගනිති..
50% ඉක්ම වූ තැන අන්‍ය ආගමිකයන්ගෙ ආගමික නිදහස ගැන කතා කළ යුතුව නැත...
ලංකාවේ ගල් විහාරයටද මෙම ඉරණම අනාගතයේදි අත් වුවහොත් පුදුම නොවන්න..
ඡායාරූප - බාමියන් ප්‍රතිමාව එදා සහ අද එම ස්‍ථානය දිස් වන අයුරු දක්වා ඇත..


අනව තප්ත විල - 
Gihan Sameera Gallage

Advertisement

Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top